ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 02-07-2022 | 6:48 AM
දේශීය පුවත් 1.දුම්රිය සේවක වැඩ වර්ජනය අවසන්…; දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ. 2.22 වහා සම්මත කර නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට පියවර ගන්න – මහ නාහිමිවරුන් ජනපතිට අවධාරණය කරයි; 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා සම්මත කර නිර්ව්‍යාජ සර්වපාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට පියවර ගත යුතු බව මහනාහිමිවරුන් ජනපතිට අවධාරණය කර තිබේ. 3.දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්; දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව, සෞඛ්‍ය අංශ පවසයි. 4.සා/පෙළ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නවතී; පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ. 5.මර්වින් සිල්වා ශ්‍රී ලනිප සාමාජිකත්වය ලබාගනී – හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. විදෙස් පුවත් 1.ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට.. ; ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබේ. ක්‍රීඩා පුවත් 1.ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක් –  ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජය ගත්තේ ය.