ගෑස් සැපයීම තවදුරටත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි..

ගෑස් සැපයීම තවදුරටත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි.. - ලිට්‍රෝ සමාගම

by Staff writer 02-07-2022 | 11:21 AM

COLOMBO (News 1st);  ගෑස් සැපයීම තවදුරටත් සිදු කෙරෙන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ලබන 07 වැනිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන බවය. මේ මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය. එහි පළමු නෞකාව ලබන 06 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.