අදත් පෞද්ගලික බස් ධාවනය සීමාවෙයි..

අදත් පෞද්ගලික බස් ධාවනය සීමාවෙයි..

by Staff writer 02-07-2022 | 7:02 AM

COLOMBO (News 1st); ඉන්ධන හිඟය හේතුවෙන් අද(02) දිනයේ බස් ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බොහෝ බස් රථ මේ වන විට ඉන්ධන ලබාගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වෙත ගොස් ඇති බවයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ , අමතර කොටස් හිඟය හේතුවෙන් බස් රථ 500 ක් පමණ ධාවනයෙන් ඉවත් කර ඇති බවයි. කෙසේ වෙතත් පවතින බස් රථ අඛණ්ඩව ධාවනයට එක්කර ඇතැයි ඔහු පැවසුවේ ය.