by Staff writer 02-07-2022 | 9:04 AM
COLOMBO (News 1st); කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ගුවන් හමුදා සැරයන්වරුන් දෙදෙනෙකු, යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු හා යුද හමුදා සැරයන්වරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඔවුන් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහාය උපදේශකවරුන් ලෙස කටයුතු කර තිබේ.
සැකකරුවන්ගෙන් ලද ප්‍රකාශ මත අදාල රැඳවියාට පහරදීම සඳහා යොදා ගත් බව කියන ඝණකම් විදුලි වයරයක්, හා උණ පතුරු 2 ක් සොයා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට අද(02) ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළේ ය.
මේ අතර, මියගිය රැඳවියාගේ සිරුර ඔහුගේ බාල සහොදරයා සහ යහළුවන් විසින් හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ලබන 05වැනිදා සිදු කිරීමට නියමිතය.
පොලිසිය පැවසුවේ, එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් 679 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් හා භාරවීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.
කඳවුරේ රඳවා සිටි රැඳවියන් 998 දෙනාගෙන් 272 දෙනෙකු මේ වනවිට කඳවුර භාරයේ සිටින අතර තවත් රැඳවියන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන බව පොලිසිය සඳහන් කළේ ය.
එම රැඳවියන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0718 591 235 දරණ වැලිකන්ද පොලිස්ථානාධිපතිවරයාගේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිසය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉකුත් 29 වැනිදා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුමකදී මෙම ඝාතනය සිදුවිය.