English
தமிழ்
කර්තෘ Staff writer
02 Jul, 2022 | 6:13 pm
ඒ, සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ගුවන් හමුදා සැරයන්වරුන් දෙදෙනෙකු, යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු හා යුද හමුදා සැරයන්වරයෙකු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඔවුන් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහය උපදේශකවරුන් ලෙස කටයුතු කර තිබේ.
සැකකරුවන්ගෙන් ලද ප්‍රකාශ මත අදාල රැඳවියාට පහර දීම සඳහා යොදා ගත් බව කියන ඝණකම් විදුලි වයරයක්, හා උණ පතුරු 2 ක් ද පොලීසිය සොයා ගත්තේ ය.
මේ අතර මියගිය රැඳවියාගේ සිරුර ඔහුගේ බාල සහොදරයා සහ යහළුවන් විසින් හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ලබන 5 වැනි දා සිදු කිරීමට නියමිතයි.
පොලීසිය පැවසුවේ, එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් 679 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් හා භාරවීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
කඳවුරේ රඳවා සිටි රැඳවියන් 998 දෙනාගෙන් 272 දෙනෙකු මේ වනවිට කඳවුර භාරයේ සිටින අතර තවත් රැඳවියන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේ ය.
එම රැඳවියන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0718 591 235 දරණ වැලිකන්ද පොලිස්ථානාධිපතිවරයාගේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
පසුගිය ජුනි මස 29 වැනි දා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුමකදී මෙම ඝාතනය සිදු විය.
11 Aug, 2022 | 04:23 PM
11 Aug, 2022 | 10:57 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS