සා/පෙළ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු නවතී

සා/පෙළ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නවතී

by Staff Writer . 01-07-2022 | 3:33 PM

COLOMBO (News 1st); පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ.

විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ, පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සාර්ථකව අවසන් කළ බවයි. 2021 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉන්ජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ ද මේ වන විට ක්‍රයාත්මකයි. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ ජූලි 10 වැනිදා දක්වා ප්‍රායොගික පරීක්ෂණ පැවැත්වෙන බවයි. අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ කටයුතු ද බෝහෝ දුරට අවසන් අදියරේ පවතී. ඒ අනුව 2021 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රථිපල ජුලි මස අවසනයේ හෝ අගොස්තු මස පළමු සති 2 ක ඇතුළත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.