by Staff Writer . 01-07-2022 | 1:04 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජය ගත්තේ ය.
ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාවට ලකුණු 5 ක ඉලක්කයක් හිමි වූ අතර කිසිවෙක් නොදැවී ඔවුන් එම ඉලක්කය පසු කළේ ය.
මෙම තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
එහි පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 212 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිමට ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 321 ක් රැස් කළේ ය.
උස්මන් කවාජා ලකුණු 71 ක් රැස් කළ අතර කැමරන් ග්‍රීන් ලකුණු 77 ක් රැස් කළහ.
පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් බිඳ හෙළී ය.
දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 113 ක් පමණි.
දිමුත් කරුණාරත්න ලකුණු 23 කට දැවී ගිය අතර පැතුම් නිශ්ශංක ලකුණු 14 යි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 30 සීමාව පසු කිරීමට නොහැකි විය.