මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී..

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී.. එක් දරුවෙක් මියයයි

by Staff writer 01-07-2022 | 4:04 PM

COLOMBO (News 1st); මවක් සිය දරුවන් දෙදෙනා සමග ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට පැන තිබේ.

පොලිසිය පැවසුවේ සිද්ධියෙන් පස් හැවිරිදි පිරිමි දරුවා මියගොස් ඇති බවයි. 11 හැවිරිදි අනෙක් පිරිමි දරුවා මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. දියේ ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන 32 හැවිරිදි මව ප්‍රතිකාර ලබන්නේ, ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය. අද(01) දහවල් අදාල කාන්තාව සිය දරුවන් ‍දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන ඇති අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් මව සහ දරුවෙකු බේරාගෙන තිබේ.