අද (01) දුම්රිය 22 ක් අවලංගුයි

අද (01) දුම්රිය 22 ක් අවලංගුයි

by Staff Writer . 01-07-2022 | 8:51 AM

COLOMBO (News 1st) –  අද දිනයේ දුම්රිය 22 ක් අවලංගු කිරිමට සිදුවන බව දුම්රිය ධාවන අධිකාරිවරයා පවසයි.

දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ඉන්ධන අර්බුදය හමුවේ සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස දුම්රිය 22 ක් අවලංගු කිරීමට සිදු වන බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ගබඩාවෙන් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද දුම්රිය ධාවන අධිකාරිවරයා සඳහන් කළේ ය.