දුම්රිය සේවක වැඩ වර්ජනය අවසන්…

දුම්රිය සේවක වැඩ වර්ජනය අවසන්…

දුම්රිය සේවක වැඩ වර්ජනය අවසන්…

කර්තෘ Staff Writer .

01 Jul, 2022 | 4:40 pm

COLOMBO (News 1st); දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.

අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සේවය සඳහා පැමිණීමට ඉන්ධන නිකුත් කරන්නැයි, සේවකයින් කළ ඉල්ලීම අනුව දෙපාර්තමේන්තුවේ ඉන්ධන සංචිතවලින් ඉන්ධන නිකුත් කළ බවයි.

අද පස්වරු 3 වන තෙක් සේවකයින් සදහා ඉන්ධන නිකුත් කළ බව එම නිලධාරියා සඳහන් කළේ ය.

දුම්රිය සේවකයින් හදිසියේ ආරම්භ කළ එම වැඩ වර්ජනය හේතුවෙන් අද දහවල් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවට පත්විය.

වර්ජනය නතර කළ ද දුම්රිය ගමන්වාර නැවත ආරම්භ කිරීම ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]