IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

by Staff Writer . 30-06-2022 | 10:19 AM

COLOMBO (News 1st) – ලංකා IOC සමාගමේ ඉන්ධන ප්‍රවාහන රථ සියල්ලටම සේවයට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් , පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති කුසුම් සදනායක මහතා පැවසුවේ, මේ වන විට දිනකට රථ 75ත් 100 ත් අතර ප්‍රමාණයක් ධාවනය වන බවයි. IOC සමාගම සතුව ටැංකි රථ 160 ක ප්‍රමාණයක් පවතී. මේ අතර අද දින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත කිසිදු ඉන්ධන ප්‍රවාහන රථයක් ගමන් නොකර බව ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ ය.