සියලු භාණ්ඩවල සටහන් කළ යුතු තොරතුරු 7ක්

සියලු භාණ්ඩවල සටහන් කළ යුතු තොරතුරු 7ක් දක්වමින් ගැසට් නිවේදනයක්

by Staff Writer . 30-06-2022 | 9:43 AM

COLOMBO (News 1st) –සියලු වෙළඳ භාණ්ඩවල ඇසුරුමේ උපරිම සිල්ලර මිල ඇතුළු සටහන් කළ යුතු තොරතුරු 07 ක් පිළිබඳව දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුවයි. ඒ අනුව, සියලු වෙළඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල, බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා නැවත ඇසුරුම් කරන්නේ නම් ඇසුරුම් කළ දිනය, කල් ඉකුත්වන දිනය, කාණ්ඩ අංකය, නිෂ්පාදකයාගේ නම ලිපිනය හා දුරකතන අංකය, ආනයනය කරන්නක් නම් ආනයනික රට හා ආනයනය කරන්නාගේ නම ලිපිනය දුරකතන අංකය යන කරුණු අනිවාර්යයෙන් සටහන් කළ යුතු වේ. පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනය මඟින් දැනුම් දෙන්නේ, මෙම කරුණු සටහන් කිරීමකින් තොරව එම වෙළඳ භාණ්ඩ කිසිවක් සෑදිම, ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, ඇසුරුම් කිරීම, නැවත ඇසුරුම් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සදහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි.

අදාළ ගැසට් නිවේදනය මෙතැනින්...