පැන ගිය කන්දකාඩු  රැඳවියන් 598 ක්  භාරවෙයි..

පැන ගිය කන්දකාඩු රැඳවියන් 598 ක් භාරවෙයි.. මියගිය රැඳවියාගේ දේහය පොලිස් භාරයට

by Staff Writer . 30-06-2022 | 9:02 AM

COLOMBO (News 1st) –  පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් රැඳවියන් 366 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව භාර වූ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ ගියේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, රඳවියන් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ රාත්‍රි යළිත් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය. කලහකාරී පිරිස, මිය ගිය රැඳවියාගේ දේහය රැගෙන පලා ගොස් තිබූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම දේහය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි.