චීන තානාපති සහ අමාත්‍ය ධම්මික අතර සාකච්ඡාවක්

චීන තානාපති සහ අමාත්‍ය ධම්මික පෙරේරා අතර සාකච්ඡාවක්

by Staff Writer . 30-06-2022 | 4:13 PM

COLOMBO (News 1st) – චීනයේ ශ්‍රී ලංකා තානාපති කියූ ෂෙන් හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

ඒ මෙරට ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික වෙළඟ සහයෝගය වර්ධනය කිරීම සම්බන්ධයෙනි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ඊයේ චීන තානාපතිවරයා හමුව තිබේ. චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, චීන මහජන කොංග්‍රසය හා පොදුජන පෙරමුණ අතර සබඳතා පුළුල් කිරිම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.