by Staff writer 30-06-2022 | 1:10 PM
COLOMBO (News 1st) – විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලය අසල අද උදෑසන උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ අද සිට ජූලි 10 වැනිදා දක්වා කොන්සියුලර් අංශයේ සේවා සැපයීම, දින තුනකට සීමා කිරීමත් සමගයි.
සදුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් මහජන සේවා සදහා කොන්සියුලර් අංශය විවෘතව පවතී.
ජනතාව චෝදනා කළේ කොන්සියුලර් සේවාවන් සීමා කිරීමට ගත් තීරණය නිසා තමන් දැඩි අපහසුතාවට පත්වූ බවයි.
මේ අතර අංක ලබා ගැනීමේදී මතුවූ ගැටලුවක් හේතුවෙන් අද කුරුණෑගල ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති විය.
අප වාර්තාකරු පැවසුවේ, මේ නිසා සේවා කටයුතු පැයකට ආසන්න කාලයක් නවතා දැමූ බවයි.