කන්දකාඩු රැඳවියන් 261 ක් රක්ෂිත බන්ධනාගාරයට

කන්දකාඩු රැඳවියන් 261 ක් රක්ෂිත බන්ධනාගාරයට

by Staff Writer . 30-06-2022 | 11:12 AM

COLOMBO (News 1st) – පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගොස් අත්අඩංගුවට ගත් රැඳවියන් 261 දෙනෙකු, වැලිකන්ද අධිකරණයට ඉදිරපත් කිරීමේන අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රැඳවියන් සංඛ්‍යාව 598 කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, රඳවියන් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ රාත්‍රි යළිත් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.