‍ලංවිම විදුලිය මිලදිගැනීම්,උත්පාදනය ගැන විමර්ශනය්

ලංවිම විදුලිය මිලදි ගැනීම්, විදුලිය උත්පාදනය, බෙදා හැරීම් ගැන කෝප් විමර්ශනයක්

by Staff writer 29-06-2022 | 4:48 PM

COLOMBO (News 1st) – විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදි ගැනීම්, විදුලිය උත්පාදනය කිරීම්, බෙදා හැරීම් සහ විදුලි ව්‍යාපෘති පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ, ලබන 19 සිට දිනපතා කොප් කමිටුව රැස් වී මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතව ඇති බවයි. පසුගිය දා කොප් කමිටුව හමුවට ලංකා විදුලි බල මණ්ඩලය කැඳවූ අවස්ථාවේ ගත් කොප් කමිටු සාමාජිකයන් සිදු කළ ඉල්ලීමක් පරිදි මෙම තීරණය ගෙන ඇත. මේ අතර හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආර්ටිගල සහ හිටපු ජනාධිපති ලේකම් පි. බි. ජයසුන්දර යන මහත්වරුන් යළිත් වරක් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇත. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්හන යාපා මහතා සඳහන් කළේ, පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකයේ ඇති වූ පසුබෑම පිළිබඳව කරුණු විමසීම සඳහා ඔවුන් යළි කැඳවීමට තීරණය කළ බවයි.