මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවෙන් දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව බ්‍රහස්පතින්දා, සිකුරාදා වැඩ නෑ

by Sagarika Chathumali 29-06-2022 | 4:33 PM

COLOMBO (News 1st) – නැවත දැනුම් දෙන තුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,  ඉන්ධන අර්බුදය හමුවේ නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ගැටලු මතුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් රියැදුරු බලපත්‍ර අලුත් කිරීම් සඳහා පමණක් මාර්ගගතව වෙන් කර ගැනීම සිදු කර ඇති සේවාලාභීන් සඳහා වේරහැර රියැදුරු බලපත්‍ර කාර්යාලයත්, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල බ්‍රහස්පතින්දා දින විවෘත කර තබනු ඇති. මේ අතර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, රිැදුරු බලපත්‍ර සම්බන්ධ කාරණා සඳහා ලබන 01 වැනිදාට වේලාවන් වෙන් කර ගත් සේවාලාභීන්ට සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පෙරවරුවේ පැමිණිමෙන් අදාළ කාර්ය ඉටු කර ගත හැකි අතර එසේ පැමිණීමේ දී ඉහත දිනවල වේලාව වෙන් කිරීමේ කෙටි පණිවුඩය ඉදිරිපත් කිරීම ද අනිවාර්ය බවයි. සේවාවන් පිළිබඳ යම් පැහැදිලිකර ගැනීමක් අවශ්‍ය වන්නේ නම්, කාර්යාලීය දිනවල පෙ. ව. 9.00 සිට පස්වරු 4.00 දක්වා පහත දුරකථන අංකයන් අමතන ලෙස ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව සේවාලාභීන්ට දන්වා සිටී. වාහන ලියාපදිංචි කිරීම් සහ පැවරීම් සඳහා රියදුරු බලපත්‍ර සඳහා -070 7 677 877 රියැදුරු බලපත්‍ර සඳහා - 070 7 677 977 කාර්යාලිය රාජකාරී වේලාවෙන් පසුව විමසීම් WhatsApp/Viber/SMS පණිවිඩයක් මගින් ඉහත අංකවලටම ලබා දෙන ලෙස ද වැඩිදුරටත් දන්වා සිටී.