මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

by Staff Writer . 29-06-2022 | 9:25 AM

COLOMBO (News 1st) –  සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස් .ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, මේ මස 25 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් හතළිස් හත්දහසක් මෙරටට ගෙන්වා ඇති බවයි. මේ මාසය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් මෙරටට රැගෙන විත් ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමට යටතේ එම සහල් මෙරටට ගෙන්වා තිබේ. නාඩු, සම්බා,සුදු කැකැළු සහල් එම තොගයට ඇතුළත් ය. ඉන්ධන ගැටලුව හේතුවෙන් සහල් බෙදාහැරීමට බාධා මතුව ඇතැයි වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසයි.