නැවක් එනතුරු ඩීසල් ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවලට පමණි

නැවක් එන තුරු ඩීසල් ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි - සාගල

by Staff Writer . 29-06-2022 | 4:14 PM

COLOMBO (News 1st) – ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක පවසයි.

සාගල රත්නායක පවසන්නේ, ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවයි. මේ අතර ලබන මස 6,10,16,19,21,හා 31වැනිදා වන විට මෙට්‍රික් ටොන් 33000 ක ගෑස් තොග මෙරට ලැබීමට නියමිත බව ද සාගල රත්නායක  පැවසී ය.