by Staff writer 29-06-2022 | 4:44 PM
COLOMBO (News 1st) – ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසරදීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ , ගුවන් සේවා සමාගම් නියෝජිතයින් හා ශ්‍රී ලංකාවේ ඉන්ධන තොග ගබඩාකරුවන් සමග ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පවත්වනු ලැබූ සාකච්ඡාවකදී ය.
මෙතෙක් ගුවන් යානා ඉන්ධන ගෙන්වීමේ ඒකාධිකාරිය පැවතියේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටයි.
පවතින විනිමය ඩොලර් ප්‍රශ්නය නිසා ගුවන් යානා ඉන්ධන ගෙන්වීමේ අපහසුතාවක් මතුව ඇත.
පනත් සංශෝධනය කොට පෞද්ගලික අංශයට මෙය පවරන්නේ නම් උපරිම සහය ලබා දෙන බව ඉන්ධන ගබඩාකරුවන් පොරොන්දු වී ඇත.
මේ සඳහා උපරිම සහය දෙන ලෙස ගුවන් සේවා අධිකාරියට අමාත්‍යවරයා උපදෙස් දුන්නේ ය.