කපුවා ඝාතනය කර හිස කොටස ගඟ දැමූ සැකකරු දැලේ

කපුවාගේ ඝාතනය කර හිස කොටස ගඟට දැමූ සැකකරු අල්ලයි

by Staff Writer . 29-06-2022 | 4:05 PM

COLOMBO (News 1st) – අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර හිස නිල්වලා ගඟට දැමු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ 24 හැවිරිදි සැකකරු තිබ්බටුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. පෙරේදා උදෑසන කාලයේ මෙම ඝාතනය සිදුකර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබිණ. සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේදී කඩුවකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූයේ, දේවාලයක් පවත්වා ගෙන ගොස් ඇති 70 හැවිරිදි අකුරැස්ස තිබ්බාටුවාවේ පදිංචි කපු මහතෙකි. පොලිසිය ප්‍රකාශ කළේ, සැකකරු කළ පහරදීම හේතුවෙන් ඝාතනයට ලක්වූ කපු මහතාගේ 60 හැවිරිදි බිරිඳ සහ 40 හැවිරිදි දියණිය ද කැපුම් තුවාල ලබා ඇති බවයි. ඔවුන් ප්‍රථිකාර සඳහා අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබේ.‍