කන්දකාඩු රැඳවියන් පිරිසක් පලා යයි..

කන්දකාඩු රැඳවියන් පිරිසක් පලා යයි.. කලහකාරි සිද්ධියකින් රැඳවියෙක් මරුට

by Staff Writer . 29-06-2022 | 12:17 PM

COLOMBO (News 1st) –  පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පලාගොස් තිබේ.

පුනරුත්තාපන කොමසාරිස්, ජනරාල් මේජර් ජනරාල් දර්ශන හේට්ටආරච්චි මහතා සඳහන් කළේ, එම මධ්‍යස්ථානයට පුනරුත්තාපනය සඳහා රැගෙන ආ රැඳවියෙකු කලහකාරි ලෙස හැසිරිමෙන් ඇති වූ සිද්ධියක් අතරතුර අදාළ රැඳවියන් පැනගොස් ඇති බවයි. අදාළ කලහකාරි ලෙස හැසිරුණු රැඳවියා මියගොස් ඇති බව ද පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. එසේ මියගොස් ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.