ඔයින් මෝගන් ජාත්‍යන්තර පිටියට සමුදීමට සූදානම්

එංගලන්ත නායක ඔයින් මෝගන් ජාත්‍යන්තර පිටියට සමුදීමට සූදානම්

by Staff Writer . 29-06-2022 | 11:12 AM

COLOMBO (News 1st) – එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එරට ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළේ ය.

35 හැවිරිදි මෝගන් එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ, 2011 වසරේදී ය. ඔහු මෙහෙයවූ තරග 126 න් තරග 76 ක් ජය ගෙන තිබේ. 2019 වසරේ දී පළමු වරට එංගලන්තය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කිරුළ හිමි කර ගන්නා අවස්ථාවේ කණ්ඩායමේ නායකයා වුයේ ද ඔයින් මෝගන් ය. මෝගන් පවසන්නේ, එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් තමන් ලබා දුන් දායකත්වය පිළිබඳව සෑහීමට පත් වන බවයි.