English
தமிழ்
කර්තෘ Staff Writer .
29 Jun, 2022 | 9:22 am
නමුත් ජනතාව ටෝකන් ඇතිව හෝ නැතිව ඉන්ධන පෝලිමේ සිටින්නේ දින ගණනක සිටයි.
මේ අතර අදත් සීමා සහිතව ඉන්ධන නිකුත් කෙරෙන්නේ අයි.ඕ.සී. සමාගමේ පිරවුම්හල් සඳහා පමණයි.
ඊයේ රාත්‍රිය දක්වා ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන බෙදා හැරීම සිදු කෙරිණ.
අප වාර්තාකරු පැවසුවේ, පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 56 ක් පමණ ඊයේ රාත්‍රිය වන විට නිකුත් කර තිබූ බවයි.
කෙසේ වෙතත් අයි.ඕ.සී. සමාගමෙන් පෙට්‍රල් නිකුත් කෙරෙන්නේ , යතුරු පැදි සඳහයා රුපියල් 1500ක් , ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2500ක සහ මෝටර් රථ සඳහා රුපියල් 7000ක සීමාවක් යටතේයි.
මේ අතර අත්යාඅවශ්ය සේවාවලට ඉන්ධන නිකුත් කිරීමත් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ රාත්‍රියේත් උණුසුම් තත්ත්වයන් හට ගත්තේ ය.
හොරණ සහ බදුල්ල ඉන්ධන පිරවුම්හල අසල ඊයේ රාත්‍රියේත් දිගු පෝලිම් පැවතිණ.
කළුතර අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ ඊයේ ඉන්ධන ලබා දුන්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි.
ඊට පෝලිමේ සිටි ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.
අම්බලංගොඩ ඉන්ධන පිරවුම්හලේත් ඊයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ පොලිස් නිලධාරීන්ට පමණක් ඉන්ධන ලබා දීම හේතුවෙනි.
මේ අතර කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සාද් ෂෙරීදා අල් කාබි මහතා හමුවී තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය විසඳා ගැනීම සඳහා ඛනිජතෙල් නිෂ්පාදන, එල්. පී. ජී. හා එල්.එන්.ජී ගෑස් සම්පාදනය කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.
කටාර් සංවර්ධන අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කර තිබේ.
කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා කටාර් එනර්ජි සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.
15 Aug, 2022 | 12:41 PM
15 Aug, 2022 | 10:23 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS