ETI ෆිනෑන්ස් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 5 ක් ඈවර කිරීමේ තීරණයක්

ETI ෆිනෑන්ස් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 5 ක් ඈවර කිරීමේ තීරණයක්

ETI ෆිනෑන්ස් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 5 ක් ඈවර කිරීමේ තීරණයක්

කර්තෘ Staff Writer .

28 Jun, 2022 | 3:45 pm

COLOMBO (News 1st) –  ETI ෆිනෑන්ස් ලිමිටඩ් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 5 ක් ඈවර කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අදාළ සමාගම් වන්නේ, සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ETI ෆිනෑන්ස් ලිමිටඩ්, TKS ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් යන මූල්‍ය සමාගම් ය.

අසාර්ථක මූල්‍ය සමාගම් පහ පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් මුදල් මණ්ඩලය විසින් පත්කරනු ලැබ තිබිණ.

එම උපදේශන කමිටුවේ නිර්දේශ මත අදාළ අසාර්ථක මූල්‍ය සමාගම් ඈවර කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]