ලබන 3 දක්වා පැය 3ක දෛනික විදුලි කප්පාදුවක්

ලබන 3 දක්වා පැය 3ක දෛනික විදුලි කප්පාදුවක්

by Staff Writer . 28-06-2022 | 2:26 PM

COLOMBO (News 1st) –  ලබන 03 වැනිදා දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 1 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. එම ප්‍රදේශවලටම රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි. CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට ජුලි 02 වැනිදා සහ 03 වැනිදා හැර සෙසු දිනයන්වල පෙරවරු 6 සිට 8 දක්වා පැය 02 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. M N O X Y Z කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට ජුලි 02 වැනිදා සහ 03 වැනිදා හැර සෙසු දිනයන්වල අලුයම 5 සිට උදෑසන 8 දක්වා පැය 03 ක විදුලිය කප්පාදුව සඳහා අවසර දී තිබේ.