රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ නිලධාරියාට විනය පියවර

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට විනය පියවර ගන්නැයි නියෝග..

by Staff writer 28-06-2022 | 4:28 PM

COLOMBO (News 1st) - රඹුක්කන ජන විරෝධතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානවන හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, පොලීසියට තර්ජනයක් නොවන පරිදි පළායමින් සිටි පුද්ගලයින්ට වෙඩි තැබීමට නියෝග කිරීම නීතිවිරෝධී බවයි. රඹුක්කන පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන්, අතුරු වාර්තාවක් සුදානම් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම නියෝගය කළේ ය. මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්නට එරෙහිව වහාම විමර්ශනය කර සුදුසු අපරාධ නඩු ගොනු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නීතිපතිවරයාට ද උපදෙස් දී ඇත.