බස් ගාස්තු 30% කින් ඉහළ නගී ද?

බස් ගාස්තු ඉහළ දැමීමේ නිර්දේශ හෙට (29) ප්‍රවාහන අමාත්‍යාංශයට

by Staff writer 28-06-2022 | 4:11 PM

COLOMBO (News 1st) - බස් ගාස්තු 30% කින් ඉහළ දැමීම සඳහා බස් සංගම් කළ ඉල්ලීම පිළිබඳ නිර්දේශ හෙට (29) ප්‍රවාහන අමාත්‍යාංශයට ලබා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

බස් සංගම් කළ ඉල්ලීම් කර ඇත්තේ, ජූලි 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමටයි.