දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

by Staff Writer . 28-06-2022 | 3:30 PM

COLOMBO (News 1st) – දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු වසර 5 කට අධික කාලයක් තුළ සංශෝධනය කර නොමැති අතර භාණ්ඩ , තැපැල් හා වෙනත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා අය කෙරෙන ගාස්තු වසර 14 ක් තුළ සංශෝධනය නොමැති බවයි. මෑතකාලීනම ඉන්ධන මිලෙහි සිදුවූ ශීඝ්‍ර ඉහළ යාම මත පුනරාවර්ථන පාඩුව තවදුරටත් ඉහළ යන බැවින් සතුටුදායක දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට හැකි පරිදි උපයන අදායම ඉහළ නංවා ගැනීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණ.