තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන නමින් නව අමාත්‍යාංශයක්

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන නමින් නව අමාත්‍යාංශයක්

by Staff Writer . 28-06-2022 | 2:15 PM

COLOMBO (News 1st) – තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන නමින් නව අමාත්‍යාංශයක් ස්ථාපනය කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවි‍ශේෂ ගැසට් නිවේදනයක් මගිනි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව කොළඹ වරාය නගරය ආශ්‍රීත ව්‍යාපෘතිය ආගමන විගමන දෙපාර්තමේන්තුව‍ කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ටෙක්නෝ පාක් ඩිවලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් තොරතුරු තාක්ෂණ උද්‍යාන නව අමාත්‍යාංශය යටතට ඇතුළත් වන ඇති.