ටෙක්සාස්හි අතහැර දැමූ ලොරියක පුද්ගල මළ සිරුරු 46ක්

ඇමරිකාවේ ටෙක්සාස්හි අතහැර දැමූ ලොරියක පුද්ගල මළ සිරුරු 46 ක්

by Staff Writer . 28-06-2022 | 3:21 PM

COLOMBO (News 1st) – ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දැමූ ලොරියක තිබී පුද්ගලයින් 46 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ පිරිස සංක්‍රමණිකයින් බවට සැකකෙරෙන බවයි . අදාළ ලොරි රථයේ සිට දිවි බේරාගත් 16 දෙනෙකු රොහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ අතරට කුඩා ළමයි සිව් දෙනෙක් ද ඇතුළුත් වෙති . ටෙක්සාස්හි ආන්ටෝනියෝ නගරය සංක්‍රමිණිකයින් සඳහා ඉතා ප්‍රසිද්ධියක් දරයි.