ඇමති කංචන පරිසර ඇමති නසීර් සමග කටාර් බලා යයි

ඇමති කංචන පරිසර ඇමති නසීර් සමග කටාර් බලා යයි

by Staff Writer . 28-06-2022 | 9:06 AM

COLOMBO (News 1st) – මෙරටට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමග පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ඊයේ රාත්‍රියේ කටාර් බලා පිටත්ව ගොස් තිබේ.

කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර කළමණාකාරවරයා පැවසුවේ අමාත්‍යවරුන් දෙදෙනා ඊයේ රාත්‍රී 8.15 ට පමණ කටාර් බලා පිටත්ව ගිය බවයි. යම් කාල සීමාවකට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තිබේ ද යන්න සම්බන්ධයෙන් කටාර් බලධාරීන් සමග අමාත්‍යවරුන් සාකච්ජා කිරීමට සැලසුම් කර තිබේ.