ජෝ බයිඩ්න්ගෙන් ලංකාවට ඩොලර් මිලියන 20 ක ආධාර

අමෙරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20 ක ආධාර

by Staff writer 28-06-2022 | 6:48 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා නිවේදනය කර තිබේ.

ඒ, මෙරට ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහායි. පාසල් දරුවන්ගේ පාසල් පෝෂණ වැඩසටහන සඳහා මෙම අරමුදල් ලබා දී ඇති අතර, හැට අට ලක්ෂයකට අධික ළමුන්ගේ පෝෂණය සඳහා මෙම අරමුදල් ප්‍රධානය කෙරෙන බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ය. මීට අමතරව, ඉදිරි මාස 15ක කාලය සඳහා ගැබිණි මව්වරුන් 27,000 කට අධික සංඛ්‍යාවකට ආහාර වවුචර් පත් ප්‍රදානය කෙරෙනු ඇති. කෘෂිකාර්මික සහය යටතේ, ගොවීන් තිස්දහසකට සහන ලබා දීමට ද නියමිතය. කොළඹ අමෙරිකානු තානාපති ජූලි චැන්ග් මහත්මිය සඳහන් කළේ, ආර්ථික ස්ථායිතාව උදෙසා ශ්‍රී ලංකාව ගනු ලබන උත්සහයට අමෙරිකාවේ අඛණ්ඩ සහය ලබා දෙන බවයි.