English
தமிழ்
කර්තෘ Staff Writer .
28 Jun, 2022 | 11:20 am
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව, ප්‍රවාහන, සෞඛ්‍යය, ගුවන්තොටුපළ, දුම්රිය, වරාය සහ ත්‍රිවිද හමුදාව වැනි හඳුනාගත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.
රෝහල් සඳහා අවශ්‍ය ඉන්ධන පමණක් මේ වන විට නිකුත් කරමින් ඇතැයි ද, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කළේ ය.
මෙම අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට ජනමාධ්‍ය ඇතුළත්ව නොමැත.
එහෙත් 24 පැයේම ජනතාව වෙත සියලුම තොරතුරු වාර්තා කරන්නේ, මෙරට ජනමාධ්‍යයයි.
ජනමාධ්‍ය අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් නොකිරීම පිළිබඳව අප ජන සන්නිවේදන අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාගෙන් විමසීමක් කළේ ය.
ලේකම්වරයා සඳහන් කළේ, මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය්‍ය ඩීසල් පමණක් සැපයීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ගමනාගමන මණ්ඩලය සමග තමන් සාකච්ඡා කළ බවයි.
එහෙත් පෙට්‍රල් ලබාදිය නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.
අමාත්‍ය , සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ද වන ඔහු ජනමාධ්‍ය වෙත ඛනිජ තෙල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් හෝ නිවේදනයක් නිකුත් කර නොමැත.
මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඛණිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට හා සිල්ලර විකුනුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි.
දැනට පවතින 1190 ක් වන සිපෙට්කෝ පිරවුම්හල්වලින් තෝරා ගත් හා නව අලෙවිසැල් ලංකා අයි.ඕ.සී හා නව සමාගම් වෙත ලබාදිමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු කියා සිටියේ ඉන්ධන පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ක්‍රියාත්මක වනු ඇති බවයි.
10 Aug, 2022 | 09:16 PM
10 Aug, 2022 | 10:59 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS