පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

by Staff Writer . 27-06-2022 | 8:33 AM

COLOMBO (News 1st) –  බස් ගස්තු සංශෝධනය පිළිබඳව නිර්දේශ ලබන පළමු වැනිදාට ප්‍රථම ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ජාතික ප්‍රතිපත්තියේ කරුණු 12 ක් යටතේ ගනනය කිරීම් කර අදාළ නිර්දේශ යොමු කරන බවයි. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ බස් ධාවනය 10 %දක්වා අඩුවිය හැකි බවයි.