පාඨලී චම්පික අධිකරණය හමුවේ පෙනී සිටී

පාඨලී චම්පික අධිකරණය හමුවේ පෙනී සිටී

by Staff Writer . 27-06-2022 | 4:38 PM

COLOMBO (News 1st) – අපරීක්ෂාකාරීව රිය පදවා තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුවේ චෝදනා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද නියෝග කර සිටියේ එම මූලික විරෝධතා ලබන මස 18, වැනිදාට ඉදිරිපත් කරන ලෙසටයි. අද නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. 2016 පෙබරවාරි මස 28 දින අපරික්ෂාකාරී ලෙස රිය පදවමින් රාජගිරියේ දී තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම, තුවාලකරු රෝහලක් වෙත රැගෙන නොයාම ඇතුළු අධිචෝදනා මත නීතිපතිවරයා විසින් පාඨලී චම්පක රණවක මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.