දැනට ඇති මුදල්වලින් ඉන්ධන ආනයනය කරන්න

දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න - ජනපතිගෙන් උපදෙස්

by Staff writer 27-06-2022 | 7:46 PM

COLOMBO (News 1st) - ඉන්ධන සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් සැලැස්මක් අනුව ගෙවීමටත්, දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.