අකුරැස්සේදී කඩුවකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අකුරැස්සේදී කඩුවකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff Writer . 27-06-2022 | 4:18 PM

COLOMBO (News 1st) –අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේදී කඩුවකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු අදාළ පුද්ගලයාගේ හිස කොටස නිල්වලා ගඟට දමා ඇති බවට සැක කරන බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ දේවාලයක් පවත්වා ගෙන ගොස් ඇති 70 හැවිරිදි අකුරැස්ස තිබ්බාටුවාවේ පදිංචි කපු මහතෙකි. පොලිසිය ප්‍රකාශ කළේ, සැකකරු කළ පහරදීම හේතුවෙන් ඝාතනයට ලක්වූ කපු මහතාගේ 60 හැවිරිදි බිරිඳ සහ 40 හැවිරිදි දියණිය ද කැපුම් තුවාල ලබා ඇති බවයි. ඔවුන් ප්‍රථිකාර සඳහා අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබේ. ඝාතනයට සම්බන්ධ 24 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස සෙවීමේ කටයුතු ද ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.