වැඩි මිලට ඉන්ධන අලෙවි කළ 6 ක් අත්අඩංගුවට

වැඩි මිලට ඉන්ධන අලෙවි කළ 6 ක් අත්අඩංගුවට

වැඩි මිලට ඉන්ධන අලෙවි කළ 6 ක් අත්අඩංගුවට

කර්තෘ Staff Writer .

27 Jun, 2022 | 4:44 pm

COLOMBO (News 1st) –  ප්‍රදේශ කිහිපයකදී බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කර, වැඩි මිලට අලෙවි කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාවතගම, පරගහදෙණිය, මාස්වැව, වෑඋඩ හා වැලිකුඹුර යන ප්‍රදේශවලදී නීති විරෝධීව ඉන්ධන ගබඩාකර, වැඩිමිලට අලෙවි කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී ඩීසල් ලීටර් 315 ක් සිය භාරයට ගත් බවයි.

මඩකලපුව, සන්දිවේලී ප්‍රදේශයේදී නීති විරෝධිව ඉන්ධන ගබඩා කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ඩීසල් ලීටර් 550 ක් හා භුමිතෙල් ලීටර් 258 ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

මේ අතර දිඹුලපතන කොටගල ප්‍රදේශයේදී ඉන්ධන ගබඩාකර සිටි සැකකරුවෙකු ඩීසල් ලීටර් 1100 ක් සමග සිය භාරයට ගත් බව පොලිසිය පැවසී ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේ අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]