කහතුඩුව නිවසේ ගින්නෙන් තුවාල ලැබූ මව, පියා මරුට

UPDATE : කහතුඩුව නිවසේ ගින්නෙන් තුවාල ලැබූ පියා සහ මව ජීවිතක්ෂයට

by Sagarika Chathumali 26-06-2022 | 11:34 AM

COLOMBO (News 1st) – කහතුඩුව, දොලේකඩේ හංදිය ප්‍රදේශයේ නිවසක කාමරයක ඇතිවූ ගින්නකින් තුවාල ලබා සිටි පුද්ගලයින් සිව් දෙනාගෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ, ගින්නට හසුව තුවාල ලබා සිටි 41 හැවිරිදි පියා සහ 38 හැවිරිදි මවයි. ගින්නට හසුව තුවාල ලැබූ ගැහැනු දරුවන් දෙදෙනාගෙන් සිව් හැවිරිදි කුඩා දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර  19 හැවිරිදි අනෙක් දියණිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. ගින්නට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණ වි නොමැත.