by Staff Writer . 26-06-2022 | 11:27 AM
COLOMBO (News 1st) – මිද්දෙණිය ප්‍රදේශයේ අද (26)පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ, මල්ශාලා හිමිකරුවෙකුට එලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ සිරුර ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.