තෙල් පෝලිම්වල සිටින පුද්ගලයින්ට හෙට (27) සිට ටෝකන්

by Staff Writer . 26-06-2022 | 1:58 PM

COLOMBO (News 1st) –  ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට හෙට (27) සිට පිරවුම්හලට අනන්‍ය වූ ටෝකන් පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා පැවුසවේ,සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යෙදවීමටපියවර ගන්නා බවයි.
''පොදු ප්‍රවාහනය, කර්මාන්ත , අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාව දෙනවා. ඊයේ රාත්‍රී ආරක්ෂක මණ්ඩලය රැස්වුණා ඒ අනුව ඔවුන් තීරණය කරලා තියෙනවා හෙට දවසේ සිට සෑම පිරවුම්හලකටම පෝලිමක සෑම පුද්ගලයෙකුටම පිළිවෙළට ටෝකන් එකක් ලබා දෙන්න හෙට ඉදලා පොලීසිය ඇතුළු ත්‍රිවිද හමුදාව සෑම පිරවුම්හලකටම යොදවනවා.දුරකතන අංකය ද ලබා ගෙන ටෝකන් එකක් දෙනවා ඉන්න පිළිවෙළට මුද්‍රාව සහිතව ඒ පිරවුම්හලට ආවේණික ''
මූල්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුවන තුරු යම් අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, භූමිතෙල් මිල සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණ ද මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇති බැවින් භූමිතෙල් නිකුත් නොකිරීම තුළ මිල සංශෝධනයකට නොගිය බවයි. මේ අතර ඉන්ධන ආනයනය ඇතුළු තවත් සාකච්ඡා කිහිපයක් සඳහා අමාත්‍යවරුන් දෙදෙනක් හෙට රුසියාව බලා පිටත්ව යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.