by Staff Writer . 26-06-2022 | 11:45 AM
COLOMBO (News 1st) – 48 වැනි ජී - 7 රාජ්‍ය නායක සමුළුව ජර්මනියේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේදී ආරම්භ විය.
කොරෝනා වසංගතයෙන් පසු ජී -7 රටවල නායකයින් එලෙස හමුවන පළමු අවස්ථාව මෙයයි.
රුසියා - යුක්‍රේන යුද්ධය, ගෝලීය ආහාර අර්බුදය, දේශගුණික විපර්යාස ආදී ගැටලු රැසක් මධ්‍යයේ මෙවර ලොව ධනවාදී රටවල් 7 රාජ්‍ය නායක හමුව පැවැත්වේ.
රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීම, මෙවර සමුළුවේ ප්‍රධාන කාර්යයකි.
යුක්‍රේන වරායවල සිරවී ඇති ධාන්‍ය නිදහස් කර ගැනීම, තිරිඟු පිටි හිඟය, ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ යාම පිළිබඳව ද මෙවර ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ අමෙරිකාව යන රටවල් ජී - 7 කණ්ඩායමට අයත් වේ.
අදින් ආරම්භ වූ සමුළුව ලබන 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
යුක්‍රේන ජනපති වොලඩිමීර් සෙලන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ හෙට සමුළුව ඇමතීමට නියමිතව තිබේ.