කැලණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කැලණිය, පට්ටිය හංදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff Writer . 26-06-2022 | 9:18 PM

COLOMBO (News 1st) –  කැලණිය, පට්ටිය හංදිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් මෙලෙස මිය ගොස් ඇත්තේ, 31 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර අද උදෑසන මිද්දෙණිය ප්‍රදේශයේදී මල්ශාලා හිමිකරුවෙකු ද වෙඩි තබා ඝාතනය කෙරිණ.