‍ඉන්ධන බෙදාහැරීම 40% දක්වා පහළට..

‍ඉන්ධන බෙදාහැරීම 40% දක්වා පහළට..

by Staff writer 25-06-2022 | 6:38 AM

COLOMBO (News 1st) - ඉන්ධන බෙදාහැරීම 40% දක්වා පහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ , දිවයින පුරා නිසි පරිදි ඉන්ධන ප්‍රවාහනය ද සිදුනොවන බවය. ටැංකි රථ හිමියන් මෙන්ම සේවකයින්ද අදාල තත්ත්වය යටතේ දැඩි අපහසුතාවට පත්ව ඇති බව ඔහු පැවසුවේ ය.