සහල් සහ වී සත්ත්ව ආහාර නිෂ්පාදනයට දීම තහනම් කෙරේ..

සහල් සහ වී සත්ත්ව ආහාර නිෂ්පාදනයට දීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

by Staff Writer . 25-06-2022 | 11:47 AM

COLOMBO (News 1st): සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා විකිණීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ මෙම නියෝගය ඊයේ(24) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව කිසිදු ආනයනකරුවෙකුට, නිෂ්පාදකයෙකුට, වෙළෙන්දෙකුට හෝ බෙදාහරින්නෙකුට සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා හෝ වෙනත් අමුද්‍රව්‍යයක් ලෙස සෘජුවම සහල් හෝ වී ආනයනය කිරීමට, විකිණීමට හෝ ගබඩා කිරීමට, ප්‍රවාහනය තහනම් වනු ඇති. මේ අතර උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනි‍මේ වැටලිම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරි‍භෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේය.