පාසල් පැවැත්වීම ගැන තීරණය අද..

ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන තීරණයක් ගන්න අධ්‍යාපන බලධාරින් අද රැස්වෙයි..

by Staff writer 25-06-2022 | 7:14 AM

COLOMBO (News1st )ඉදිරි සතියේ පාසල් යළි පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා අධ්‍යාපන බලධාරින් අද(25) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසුවේ, අද පෙරවරු 8.30 ට අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බවය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, ජතික පාසල් රැසක විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන බලධාරින් රැසක් සහභාගිවීමට නියමිතව තිබේ. මෙහිදී පසුගිය සතියේ දිවයින පුරා පාසල්වල ගුරුවරුන්ගේ සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයේ දත්ත මත පදනම්ව ඉදිරි සතියේ පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණයක් ගන්නා බව අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය. පවතින ඉන්ධන හිඟය හමුවේ පසුගිය සතියේ කොළඹ හා තදාසන්න නගරවල පාසල් පැවැත්වුණේ නැත.