පෝලිම්වල ඉන්න එපා..!

පෝලිම්වල ඉන්න එපා: තෙල් නැවක් එන දවසක්‌ දැනුම් දී නැහැ - ඇමති කංචන විජේසේකර

by Staff writer 25-06-2022 | 6:07 PM

COLOMBO (News 1st) - ඉන්ධන නෞකාවක් එන දිනයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දන්වා සිටී.

අලුත් බොරතෙල් නෞකාව පැමිණෙන තෙක් පිරිපහදු කටයුතු තාවකාලිකව නවතා දමන බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. නෞකාවේ ප්‍රමාදය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. මීළඟ නෞකාව පැමිණ ඉන්ධන ගොඩබෑම් කටයුතු සිදු වනතෙක් පොදු ප්‍රවාහනය, විදුලිය ජනන සහ කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බව ද එම ට්විටර් පණිවුඩයේ දැක්වේ. ලබන සතිය තුළ සීමාසහිතව ඉන්ධන නිකුත් කරන බැවින් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.