ලබන සතියේ පාසල් පැවැත්වෙන ආකාරය ගැන දැනුම් දීමක්

පසුගිය සතියේ වසා දමා තිබූ නාගරික ප්‍රදේශවල පාසල් සතියකට දින 03 ක් පැවැත්වීමට පියවර

by Staff Writer . 25-06-2022 | 12:20 PM

COLOMBO (News 1st): අනිද්දා(27) සිට ජූලි 01 වැනිදා දක්වා සතිය තුළ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණ කිහිපයක් ගෙන තිබේ.

ඒ අනුව, ඒවා මෙසේය. 1. 2022/06/20 සිට 20222/06/24 දින දක්වා ග්‍රාමීය පාසල් වල පාසල් පැවත්වූ ආකාරයට සිසුනට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වීය යුතු අතර, මෙම පාසල්වල ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටී නම් විදුහල්පති විසින් එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් නිදහස් කර නම්‍යශීලී කාලසටහන් සකස් කෙරේ. 2. පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රදේශවල පාසල් සතියකට දින 03 ක් එනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙ.ව 07.30 සිට ප.ව 01.30 දක්වා පැවැත්විය යුතුය. මෙම පාසල් වලද, ප්‍රාථමික අංශ පවත්වන දින ගණන පැවැත්වීම පිළිබදව තීරණය කිරීමේ බලය විදුහල්පතිට හිමිවේ. සිසුන් නොපැමිණෙන දින සඳහා මාර්ග ගත ඉගැන්වීම/වැඩ පැවරුම්/නිවෙස් පාදක ක්‍රියාකාරකම් මඟින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගනු ලැබේ. 3. ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු ලෙස නොසැලකීමට කටයුතු කෙරේ. 4. 2022/06/20 සිට 2022/06/24 දක්වා ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ පාසල් කටයුතු පවත්වාගෙන යෑමට දායකත්වය දුන් සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රණාමය පුද කරේ.